වාද්දුව දුම්රිය ස්ථානය අසළ ගොඩ ගැසී තිබූ කුණු ගොඩ සම්පූර්ණයෙන්ම පිරිසිදු කර විධිමත්ව කසළ වෙන් කර බැහැරලීම සදහා කටයුතු සිදු කරන ලදී.

දීර්ඝ කාලයක් තිස්සේ වාද්දුව දුම්රිය ස්ථානය අසළ ගොඩ ගැසී තිබූ කුණු ගොඩ පානදුර ප්‍රාදේශීය සභාවේ සේවක මහතුන්ගේ පරිශ්‍රමයෙන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශ්ශංක මහතාගේ අධීක්ෂණයෙන්, සෞඛ්‍ය පරිපාලක මාලක මහතා, කාර්ය භාර නිලධාරී ඇතුළු නිලධාරීන්ගේ සහයෝගයෙන්, පානදුර ප්‍රාදේශීය සභාවේ ලේකම් නුවන් සංජය ප්‍රනාන්දු මහතාගේ මග පෙන්වීම මත සම්පූර්ණයෙන්ම පිරිසිදු කර අද පටන් විධිමත්ව කසළ වෙන් කර බැහැරලීම සදහා කටයුතු සිදු කරන ලදී.