බුලත්සිංහල ගැන

ඉතිහාසය

බුලත්සිංහල නාමය

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල බලප්‍රදේශය නැගෙනහිරින් රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය බලප්‍රදේශයත් උතුරින් හොරණ බලප්‍රදේශයත් දකුණින් අගලවත්ත බලප්‍රදේශයත්, සීමා මායිම් වන්නේය. භූමියේ විශාලත්වය වර්ග කිලෝමීටර් 212.2 වූ මෙම ප්‍රදේශයේ අඩි 1000 ඉක්මවන කඳු මුදුන් කිහිපයකින් හා කළු ගඟ හා කුඩා ගඟ ඇළ දොළවලින් කෙත්වතු සරු සාර කරන්නේය.

පහතරට තෙත් කලාපයේ නිරිත දිග මෝසම් මගින් මිලි මීටර් 3000 අධික වර්ෂා පතනයක් හිමිවන මෙම ප්‍රදේශය මැයි -ජුනි මාසවල අධික වර්ෂාවත් ගංවතුර තත්වයක් හා සුළු නාය යෑම් තත්වයන් ද බහුල ප්‍රදේශයකි. විවිධ ජාතීන්ට අයත් ජනතාව සුහදශීලිව ජීවත් වන අතර විවිධ ආගම් අදහන ජනතාව ද වතු ආශ්‍රිත ජීවත්වන ද්‍රවිඩ ජනතාව මෙහි බහුල ව ජිවත්වන්නේය. කෘෂිකර්මාන්තය, තේ, රබර් සුළු අපනයන භෝග මගිනුත් ජීවන වෘත්තීන් වන අතර, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල වෘත්තීන් හි යෙදෙන පිරිසක් ද වාසය කරන්නේය.

බුලත්සිංහල ඓතිහාසික තොරතුරු අනුව සීතාවක රජ කල මායාදුන්න රජු හා පෘතුග්‍රීසීන් හා උරණ වූ වීදිය බණ්ඩාර කුමරු බුලත්සිංහලට ආසන්න පැළෑඳ ප්‍රදේශයේ සිට වරින්වර පෘතුග්‍රීසීන්ට පහර දී පසුව වීදිය බණ්ඩාර සමුද්‍රා දේවියගේ අභාවයන් පසු ආවාහ කර ගත් ටිකිරි බණ්ඩාගේ නැගණියට (මායාදුන්නේගේ දියණිය) අවිහිංසාව හා කෲර ලෙස සැලකීම නිසා ඔහු ද වීදිය බණ්ඩාරට විරුද්ධව හමුදාව මෙහෙයවීය. ටිකිරි කුමාරු හා වීදිය බණ්ඩාර අතර සටන ඇති වූයේ දිවලකඩ ප්‍රදේශයේය. බුලත්සිංහල හා වීදිය බණ්ඩාර වටා ගෙතුන ජනප්‍රවාද අනුව කෝට්ටේ සිට පැමිණි වීදිය බණ්ඩාරට පැළෑඳ සිට මෝල්කාව හරහා යෑමේදී බුලත් සපමින් සිටි මිනිසුන් දැක “බොලත් සිංහල ද” යැයි විමසා ඇත. එතැන් සිට එම ප්‍රදේශය බුලත්සිංහල නම් වී ඇතැයි ජනප්‍රවාදයක් සඳහන් වේ.

දකුණු ආසියාවේ දැනට ඇති ස්වභාවික විශාල ම ගල්ලෙන ලෙස හා පස්වැනි සියවසේ මෙරටට පැමිණි චීන පාහියං භික්ෂුව දේශගවේෂකයන් ලෙස නවාතැන් ගත් ස්ථානයක් ලෙස ද වසර 40,000 පමණ පෙර දියුණු මානවයින් ජීවත් වූ බවට සාධක හමුවන එකම ස්ථාන පාහියංගල ලෙන් විහාරයයි.

වලව්වත්ත වතුරාන පාරිසරික ප්‍රදේශ ද බුලත්සිංහල බලප්‍රදේශයේ පිහිටා ඇත්තේය. ලොව වඳ වී යන හොර වැල් ශාකය හා වලව්වත්තේ පමණක් ඇති සුවඳ ශාක වර්ග නිසා ද ලෝකවාසීන්ගේ නෙත් බුලත්සිංහල දෙස නිරන්තරයෙන් යොමු වන්නේය.

මෙවැනි ඓතිහාසික පසුබිමකින් යුත් බුලත්සිංහල පුරවරයේ සංවර්ධනය කරා පිය මනින අතර තව දුරටත් ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කරා ගමන් කරමින් සිටින්නේය. 2016 වර්ෂයේ බල ප්‍රදේශයේ සංවර්ධනය කල ආකාරය හා බලප්‍රදේශයට කල මෙහෙවර මෙසේ ඉදිරිපත් කරමි.

ගඟබඩ පත්තු ගම්සභා අහෝසි වී යාම සහ අභිනව ගම්සභා සංස්ථාපනය වීම

1961 අංක 60 දරණ ගම්සභා පනතින් සංශෝධිත පරිදි 257 වැනි අධිකාරිය ගම්සභා ආඥා පනතින් 5(1) වැනි වගන්තිය යටතේ සහ 262 වැනි අධිකාරිය වන ප්‍රාදේශීය බල මණ්ඩලය ඡන්ද විමසීම් ආඥා පනතේ 84 වැනි වගන්තිය යටතේ පළාත් පාලන සහ නිවාස කටයුතු පිළිබඳ ඇමති වරයා පැනවූ ආඥා ප්‍රාකාරව 1963 අප්‍රියෙල් 19 වනදා අංක 13, 608 දරණ ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයේ ප්‍රකාශ කරන්නට යෙදුනු නිවේදනයක් ලෙසට 1964 ජූලි 01 දින සිට වලංගු වන පරිදි, කළුතර දිස්ත්‍රික්කයේ නැගෙනහිර පස්දුන් කෝරළයේ ප්‍රාදේශීය ආදායම් නිලධාරී කොට්ඨාශය ගම්සභා දෙකකට බෙදනු ලැබීය.එමඟින් ගඟබඩ පත්තුව බල ප්‍රදේශය නැගෙනහිර ගඟබඩ පත්තුව ගම්සභා ප්‍රදේශය ලෙසට ගම්මුළාදෑනි කොට්ඨාශ 9කින් යුක්තවත් (උතුරු මහගම , දකුණු මහගම, බුලත්සිංහල, දෙල්මෑල්ල, බෝතලේ, හල්වතුර,යටගම්පිටිය, ඉහළ වෙල්ගම, මෝල්කාව) බස්නාහිර ගඟබඩ පත්තුව ගම්සභා ප්‍රදේශය ලෙසට ගම්මුළාදෑනි කොට්ඨාශ 9කින් යුක්තවත්, (ඉහළ කරන්නාගොඩ, දේවමුල්ල, ඉහළ නාරගල , ගෝවින්න, නාහල්ල, වරකාගොඩ, කුඩලිගම, වේයන්ගල්ල, දීයකඩුව) ලෙසට බෙදා වෙන් කරනු ලැබීය. පැරණි ගඟබඩ පත්තුව ගම් සභාව අහෝසි විය.

නව ගම්සභා කර්යාල පිහිටුවීම

නව ගම්සභා දෙකෙහි කාර්යාල සඳහා යෝග්‍ය ගොඩනැගිලි සකසා අතුර නගරයේ සහ වරකාගොඩ ප්‍රදේශයෙහි කාර්යාල 2කින් සැකසිණි.පැරණි ගම්සභාවේ අනුප්‍රාප්තික සභාව ලෙසින් මෙම ආයතන වලට ක්‍රියාකාරී බලතල හිමි විය.පැරණි ගඟබඩ පත්තු ගම් ප්‍රදේශයේ ගම්සභාවේ පොදු අරමුදලෙහි බැරව පැවති මුදල් පොදු අරමුදලකට සියළු චංචල දේපලද, සියළුම පරිපාලනමය කටයුතු ද සමසේ ආයතන ද්විත්වයටමද හිමිකරලීය. දීයකඩුව නැගෙනහිර ගම්සභාවට අයත්ව එහි කොට්ඨාශ චංචල දේපල ද, සියළුම පරිපාලනමය කටයුතු ද සමසේ ආයතන ද්විත්වයටමද හිමිකරලීය. දීයකඩුව නැගෙනහිර ගම්සභාවට අයත්ව එහි කොට්ඨාශ ප්‍රමාණය 10ක් බවට පත්වීය. පරිපාලනයේදී නව කර්යාල දෙක ආයතන දෙකක්ව වෙන් වෙන්ව ක්‍රියාත්මක වීම.

පළාත් ගම්සභා නාමයන් වෙනස් කිරීම හා පළාත් පාලන ආයතන ලෙස අලුතින් සංස්ථාපනය කිරීම

1965.10.05 වැනි දින 14.529 දරන අංක ඇති ගැසට් නිවේදනය අනුව ගම්සභා ආඥා පනතින් මෙම පත්තු දෙකෙහි නාමයන් වෙනස් කරන ලදී.ඒ අනුව නැගෙනහිර ගඟබොඩ පත්තුව යන නාමය වෙනුවට වෙල්ගම පලාත  යන නාමයත් බස්නාහිර ගඟබොඩ පත්තුව යන නාමය වෙනුවට වරකාගොඩ යන නාමයත් ආදේශ කරන ලදී. මේ අතර 1969.01.09 දින 1483517 දරන  ගැසට් නිවේදන ප්‍රකාරව කොට්ඨාශ 14 ක් වෙල්ගම පළාත සඳහා මායිම් බෙදා වෙන්කර ඇත.1972.10.09 අංක 28/4 අති විශේෂ ගැසට් නිවේදන ප්‍රකාරව ඈගල්ඔය, පහළ වෙල්ගම, කලවැල්ලාව, දෙල්පවත්ත, පොලේගොඩ, උදටියාවල යන කොට්ඨාශ ද මෙම බල ප්‍රදේශයට ඈඳා ගනු ලැබුණි. වෙල්ගම පළාත පාලන ආයතන සහ වරකාගොඩ පළාත පළාත් පාලන ආයතනය ලෙසට 13608 දරන 1963/04/19 දිනැති ගැසට් නිවේදන ප්‍රකාරව මෙම ආයතන දෙක අලුතින් සංස්ථාපනය කිරීමක් සිදුව ඇත. එහිදී එම පළාත් පාලන ආයතනයෙහි නිවැරදි මායිම්වල විස්තරයද ගැසට් පත්‍රයෙහි පළකොට ඇත.

මැතිවරණ කොට්ඨාශ මට්ටමින් කොට්ඨාශය බෙදීම

1947 වර්ෂයේදී ගම් සභා වශයෙන් පැවති ආයතන මේ කාලය වනවිට ක්‍රියාත්මකව පවතී. පාර්ලිනේතු මැතිවරණය කොට්ඨාශ සහ ප්‍රාදේශීය පරිපාලනය කොට්ඨාශ සීමාවලට ගැලපෙන අයුරින් පළාත් පාලන ආයතන වශයෙන් බෙදා වෙන් කරන ලදී. සෑම පළාත් පාලන ආයතනයකම බල ප්‍රදේශය ඡන්ද කොට්ඨාශ ඇතුලත් වනසේ පළාත් පාලන ආයතනයේ සීමාව නියමවී පළාත් පාලන නිලධාරියෙකු යටතට පත්විය. ඒ අනුව බුලත්සිංහල මැතිවරණ කොට්ඨාශයේ පැවති වෙල්ගම ,  වරකාගොඩ ,කාර්යාලවලට අමතරව නැගෙනහිර කාර්යාල බල ප්‍රදේශයද බුලත්සිංහල පළාත් පාලන ආයතනයට අයත්ව කාර්යාල 3 වෙන වෙනම නිළධාරීන් තිදෙනෙකුගේ  පාලනයට යටත්ව පාලනය විය.

ප්‍රාදේශීය සභාවක් යනු

ලංකාවේ පලාත් පාලන ව්‍යුහය අනුව දිවයින පුරා ව්‍යාප්තව පවතින පළාත්පාලන ආයතන වර්ග  03 කි.

  1. මහ නගර සභා.
  2. නගර සභා.
  3. ප්‍රාදේශීය සභා.

මේ අතුරින් මහ නගරසභා, නගරසභා නාගරික පලාත් පාලන ගණයටද  ප්‍රාදේශීය  සභා  ග්‍රාමීය  පළාත්  පාලන   ආයතන  ගණයටද  වැටේ. ප්‍රාදේශීය  සභා  පිහිටවනු  ලැබූ  1987  අංක  15  දරණ  පනත  මගින්  මෙම  ආයතන  පිහිටු  වීමේ  මුලික  අරමුණ  එම  පනතෙහි  පූර්විකාවෙහිම  වඩාත්  පැහැදිලිව  දක්වා  තිබේ.“පරිපාලන  සහ සංවර්ධන  කටයුතු  වලට  අදාලව  තීරණ  ගැනීමේ  ක්‍රියාවලියෙහි  ජනතාවට  පළාත්  මට්ටමෙන්  ඵලදායී  ලෙස  සහභාගී  වීම  සඳහා  වැඩි  අවස්ථාවක්  සලසා  දීමේ  අරමුණ  ඇතිව…..“

ඒ  අනුව  පෙනීයන්නේ  සංවර්ධන  හා  පරිපාලන  තීරණ  ගැනීමේදී   ජනතා  සහභාගීත්වය  ලබා  ගැනීම  පළාත්  පාලන  ව්‍යූහය  තුළින්  අපේක්ෂිත  කාර්ය  බවයි .ප්‍රාදේශීය  සභාවක්  තම  බල  ප්‍රදේශය  තුළ  ජනතාවගේ

  1. මහජන සෞඛ්‍ය
  2. පොදු උපයෝගිතා  සේවා
  3. පොදු මංමාවත් යනාදිය පිළිබඳ

සියලු කටයුතු මෙන්ම ජනතාවගේ සැප පහසුකම් හා සුභ සාධනයට අවශ්‍ය පහසුකම් සැලසීමත් පිළිබඳ වගකීම සහිත ආයතතනයකි. මේ වගකීම් මැනවින් ඉටුකර ගැනීම උදෙසා රජය මගින් පළාත් පාලන ආයතන වෙතම ආදායම් ජනිත කර ගැනීමේ ප්‍රභවයන් වෙන් කර දී ඇත.වරිපනම් බදු, අක්කර බදු, බලපත්‍ර ගාස්තු, විනෝද බදු , මුද්දර ගාස්තු උසාවි දඩ පළාත් සභා රජයේ ආධාර ආදිය ප්‍රධාන ආදායම් මාර්ග ලෙස උපයා ගැනීම සඳහා  නීති- රීති සම්පාදනය කිරීමේ බලයද පළාත් පාලන ආයතනය වෙත සලසා දී ඇත.

එසේම ප්‍රාදේශීය සභාවේ ක්‍රියාකාරීත්වය සඳහා සභාපති, ලේකම් , සභාව, කාර්ය මණ්ඩලය උපයෝගී වේ. ඒ අනුව පළාත් පාලන ආයතනයක සභාව යනු එහි සභාපතිවරයා සහ සභික පිරිසකගේ එකතුවකි. එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය අනුව දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම්වල මහජන නියෝජිතයන්ගෙන් සැඳුම් ලද්දකි. සභාපති සභාවේ ප්‍රධාන විධායක නිලධාරීයා වේ. පළාත් පාලන ආයතනයක කාර්ය මණ්ඩලයේ ප්‍රධානත්වය දරනුයේ සභාවේ ලේකම්ය.‍‍ හෙතෙම ප්‍රධාන පරිපාලන නිලධාරියාද වන්නේය. කාර්යභාර නිලධාරීන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය ආයතනයෙහි ක්‍රියාකාරී සංවිධානයයි.

බල ප්‍රදේශයේ පොදු තොරතුරු

බල ප්‍රදේශයේ භූමි ප්‍රමාණය212 Km2
ජනගහනය71,457
ග්‍රාමසේවා වසම් 54
පදිංචි ජාතීන් සිංහල, දෙමල සහ මුස්ලිම්
ප්‍රධාන ආගම්බුද්ධාගම, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම්
ප්‍රධාන වගාවන් තේ, පොල්, රබර්, වී වගාව, එලවළු, පළතුරු සහ සුළු අපනය බෝග
ඛනිජ සම්පත්අතීතයේ සිට මැණික්, මිනිරන්, කළුගල් ආශ්‍රිත කර්මාන්ත, වැලි ගොඩ දැමීම, වේ වැල් කර්මාන්ත
ඓතිහාසික තොරතුරුපාහියංගල ගල්ලෙන විහාරය
තෙත් බිම් තොරතුරු වලව්වත්ත වතුරාන, වගුරු වනාන්තරය, රතඹලේ වතුරාන, පරගොඩ දඹල ප්‍රදේශවල තෙත්බිම් බහුල වේ.
වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 3000 අධික වර්ෂාවක් අප්‍රේල්, මැයි, ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල ලැබේ.

පෙර පාසල්

  1. බුලත්සිංහල නවෝදය පෙර පාසල
  2. ගෝවින්න නවෝදය පෙර පාසල
  3. කොබවක නවෝදය පෙර පාසල
  4. බෝතලේගම නවෝදය පෙර පාසල

පුස්තකාල

  1. බුලත්සිංහල පුස්තකාලය
  2. මහගම පුස්තකාලය
  3. ඈගල්ඔය පුස්තකාලය
  4. ගෝවින්න පුස්තකාලය
  5. අමරගෙදර ශාඛා පුස්තකාලය

ආයුර්වේද මධ්‍යස්ථාන

  1. බුලත්සිංහල ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
    ඉඩමේ නම – අතුරහේන ඉඩම
    පිහිටීම        – ප්‍රධාන කාර්යාල භූමියේ පිහිටා ඇත
  2. ගෝවින්න ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
    ඉඩමේ නම – මානාන පිට කට්ටිය ඉඩම
    පිහිටීම        – ගෝවින්න පුස්තකාලයේ පිහිටා ඇත

ආදාහනාගාර

  1. දෙහිගහවල ආදාහනාගාරය
  2. පොලේගොඩ ආදාහනාගාරය

සභාව සතු සූසාන භූමි

  1. පුස්සැල්ලේවතුරාන පතිරයායේ ගොඩැල්ල – ඕපල්ල
  2. රුක්වල්මුල්ලකන්ද මූකලාන – කොබවක
  3. අලිකාහේන – රැටියල
  4. කළුවලගොඩැල්ල – දීයකඩුව
  5. කබරගලකන්දේ කැලේ – දීයකඩුව
  6. මහයාය – ගෝවින්න
  7. තිබ්බොට්ටාව කැලේ – බුලත්සිංහල
  8. දියපොර ඇල්ලේ කන්ද – පහල නාරගල
  9. තැන්නපිටහේන – කුඩලිගම
  10. ඉත්තෑගලකන්ද – ඉහල නාරගල
  11. ලුණුගොටුකන්ද – මහගම උතුර
  12. ලුණුගස්දෙණියේ කැලේ – මහගම දකුණ
  13. දුම්මලහේන – හල්වතුර
  14. වලහැඬිමුල්ල – මහගම දකුණ

කොම්පෝස්ට් මධ්‍යස්ථානය

  1. තිබ්බොට්ටාව කොම්පෝස්ට් අංගනය

ශ්‍රවණාගාරය

  1. බුලත්සිංහල ශ්‍රවණාගාරය

ශ්‍රවණාගාරය

  1. බුලත්සිංහල ශ්‍රවණාගාරය

වැඩ අංගනය

  1. මීගහකුඹුර වැඩ අංගනය

ක්‍රීඩා පිටිය

  1. බුලත්සිංහල මහජන ක්‍රීඩාංගනය

ළමා උද්‍යානය

  1. බුලත්සිංහල ළමා උද්‍යානය

පොදු වෙළඳ සංකීර්ණය

  1. බුලත්සිංහල පොදු වෙළඳ සංකීර්ණය

සති පොළ

  1. බුලත්සිංහල සතිපොළ
  2. ඈගල්ඔය සතිපොළ
  3. මහගම සතිපොළ

වැලි තොටුපළ

  1. මිරිස්හේන වැලි තොටුපළ