පානදුර ප්‍රාදේශීය සභාවේ ලේකම් නුවන් සංජය මහතාගේ සංකල්පයක් අනුව යමින්, 2022 වර්ෂයේ සභාවේ සමස්ථ කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලද කාර්යයන් ඇගයීමට ලක් කිරීම හා ඔවුන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීම මෙහි දී සිදුවිය.  මෙම උත්සවය, 2023 ජූලි 29 දින ප.ව. 2.00ට වාද්දුව විජය කුමාරතුංග අනුස්මරණ ශාලාවේ දී සහකාර පළාත් පාලන කොමසාරිස් දිනේෂ් ධර්මපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණී.

මේ සදහා පානදුර ප්‍රාදේශීය සභාවේ සමස්ථ කාර්ය මණ්ඩලය  අතරින්,  අංශ 12ක් යටතේ විශිෂ්ටයන් තෝරාපත් කර ගත් අතර 200කට කුසලතා සහතික පිරිනැමිණි. මෙහි දී කාර්ය මණ්ඩලයේ නිලධාරීන් හා සේවකයින් තම තමන්ගේ සහජ හැකියාවන් හා කුසලතාවන් ඉදිරිපත් කරමින් මෙම උත්සවය වර්ණවත් කලේ ය.

2022 වර්ෂයේ විශ්‍රාම ගන්නා ලද සේවකයින් හා නිලධාරීන්ට ද ඔවුන් විසින් සභාව වෙනුවෙන් ඉටු කරන ලද සේවය ඇගයීම පිණිස, සම්මාන පරිණැමීම ද  මෙහි දී සිදු විය.