වාද්දුව මහජන පුස්තකාලය හා එහි පාඨක සමාජය එක්ව පාණදුර මූලික රෝහලට රුපියල් ලක්ෂ දෙකක් වටිනා අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය 2023 ඔක්තෝමබර් මස 20 වනදින රෝහලේ වෛද්‍ය අධිකාරිතුමියට භාරදෙන ලදී. පාණදුර ප්‍රාදේශීය සභාවේ ලේකම් නුවන් සංජය ප්‍රනාන්දු, ප්‍රජා සංවර්ධන නිලධාරී ලක්ෂ්මන් ප්‍රනාන්දු, කාර්යභාර නිලධාරී ගීතිකා පෙරේරා,  පුස්තකාලාධිපති  යසෝධා යන මහත්ම මහත්මීන් සමගින් පාඨක සමාජයේ සාමාජික සාමාජිකාවන් සහභාගි විය. වාද්දුව ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය මේ සදහා ලබාදුණි.