ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය (ICASL) හා ශ්‍රි ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීන්ගේ සංගමය (APFASL) මගින් සංවිධානය කරනු ලැබූ 2022 වසරට අදාළ සමස්ත රාජ්‍ය සේවයේ විශිෂ්ටතම මූල්‍ය හා කාර්ය සාධන වාර්තා තේරීමේ තරගාවලියේ සම්මාන උළෙල අද දින BMICH හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී ප්‍රාදේශීය සභා කාණ්ඩය යටතේ මුළු දිවයිනෙන්ම තෝරා ගත් ප්‍රාදේශීය සභා අතරින් කුසලතාව අනුව 11 වන ස්ථානයත්, කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා අතරින් ප්‍රථම ස්ථානයත් පානදුර ප්‍රාදේශීය සභාව විසින් හිමි කර ගෙන කුසලතා සහතිකයක් (Certificate of Compliance) දිනා ගැනීමට හැකි විය.