2023 විශිෂ්ටාභිමානී උළෙල – පානදුර ප්‍රාදේශීය සභාව

හැමදාමත් අපේ රටේ සම්මාන උළෙලවල් තියලා නළු නිළියෝ, ක්‍රීඩකයෝ, ආයතන ඇගයීමට ලක් කරනවා….ඒත් අපි ජීවත් වන පරිසරය ලස්සනට තියා ගන්න කුණු ටික ඉවත් කරලා, කාණු පිරිසිදු කරලා, පාරවල් අතුගාලා වගේම සුසාන භූමි සේවා, ළමා හා මාතෘ සායන, පෙර පාසල්, පුස්තකාල, මාර්ග නඩත්තු, විදුලි සේවා ඇතුළු පොදු මහජනතාවගේ උපතේ සිට මරණය දක්වා සේවාවන් ගණනාවක් ඉටුකරන පළාත් පාලන ආයතනවල සේවකයන් ඒ තරම් ඇගයීම් ලැබුවෙ නෑ, කොවිඩි වසංගතය කාලේ ඒ අය වගේම බහුතරයක් රාජ්‍ය සේවකයො මිනිස්සුන්ට සේවය කළේ මරණය අතේ තියාගෙන…
වසර 30 ක් 40ක් ඉහතින් කියපු සේවාවන් ඉටු කරලා කිසිදු ඇගයීමක් නැතිව විශ්‍රාම ගිය කම්කරු සේවක මහත්ම මහත්මීන් ඕන තරං ඉන්නවා, ඒ මිනිස්සුන්ට ඉතුරු වුණේ වැඩ කරපු කාලෙ මතකයයි , ලෙඩ ටිකකුයි විතරයි…..ඒ වගේ “නිහඩ විරුවන්” ඇගයීමට ලක් කරන්න පානදුර ප්‍රාදේශීය සභාවේ අපි ” විශිෂ්ටාභිමානී” නමින් අඛණ්ඩව දෙවන වරටත් ඇගයීම් උළෙලක් හා සම්මාන රාත්‍රියක් පසුගිය 03 වෙනිදා සූදානම් කළා.. බස්නාහිර පළාතේ පළාත් පාලන අමාත්‍යාංශය ලේකම්තුමිය, පළාත් පාලන කොමසාරිස්තුමිය, කළුතර සහකාර පළාත් පාලන කොමසාරිස්තුමා අතින් ඒ නිහඩ විරුවන් සම්මාන, කුසලතා ඇගයීමට ලක්වුණා.. හැමෝම එක වගේ ඇඳලා එකම තැනකට ඇවිල්ලා පුදුම විදියට සතුටු වුණා, ඒක තමයි ඔවුන් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ලොකුම උපහාරය….!!!