ආයුබෝවන්

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත මගින් ප්‍රාදේශීය සභා ස්ථාපනය කිරීමේදී කෙසෙල්වත්ත සුළු නගර සභාව, තල්පිටිබද්ද ගම් සභාවෙන් කොටසක්ද වාද්දු වස්කඩුබද්ද ගම් සභාවෙන් කොටසක් ද ලෙස ආයතන 03කින් පාලනය වූ මෙම ආයතන පානදුර ප්‍රාදේශීය සභාව ලෙස සංස්ථාපනය විය.

වර්තමානයේ මෙය කෙසෙල්වත්ත, තන්තිරිමුල්ල, වාද්දුව යන උපකාර්යාල 03කින් සමන්විත වන අතර පානදුර ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය වාද්දුව නගරයේ පිහිටා ඇත. මෙහි දී ආයතන 03කින් පාලනය වූ සුළු නගර සභා එක් ආයතනයක් ලෙසින් පිහිටුවීමේ දී වගකීම් සහ කාර්යයන් (මහජන උපයෝගීතා සේවා, පොදු මංමාවත් හා මහජන සෞඛ්‍ය)ඉතා විශාල සංඛ්‍යාවක් පැවරී ඇත.

බල ප්‍රදේශවල ජනතාව අපේක්‍ෂා කරන්නේ, මාර්ග සංවර්ධනය, නවමංමාවත් ඉදිකිරීම්, නාන ළිං, පානීය ළිං, පාලම්, බෝක්‌කුඉදිකිරීම්, ‍ කටයුතු, වීථි පහන් ආලෝකය, කැළි කසලබැහැරලීම, පරිසර සංරක්‍ෂණය, සෞඛ්‍ය සංරක්‍ෂණය ආදී සේවාවන්ය.

බස්නාහිර පළාත් සභාවට අයත් පානදුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වර්ග කිලෝමිටර් 41.63ක්  වන අතර එහි සමස්ථ ජනගහනය 220,000ක් පමණ වේ.

පුරප්පාඩු

පුවත්

විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා වියළි ආහාර, ඇඳුම් පැළඳුම් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානයක් පානදුර ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ පැවැත්වේ.
2026 වර්ශය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
වාද්දුව නව වෙළඳ සංකීර්ණය  අසල නව මාළු වෙළඳ සැල ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම
පානදුර ප්‍රාදේශීය සභාවේ අබලි භාන්ඩ වෙන්දේසිය
පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වාද්දුව පොදු වෙළඳපොළ ව්‍යාපාරික ප්‍රජාව හා මාළු වෙළද  හිමියන් සමග ඉදිරි වැඩකටයුතු සහ සංවර්ධනයන් පිළිබඳව…
2025 අගෝස්තු මස 01 හා 02 දිනයන්හී පානදුර ප්‍රාදේශීය සභාවේ කෙසෙල්වත්ත උප කාර්යාල…
පානදුර ප්‍රාදේශීය  සභාවේ 9 වෙනි ගරු සභාපති ලෙස…
“තොරතුරු තාක්ෂණ හා සංවර්ධන ඒකකය” ආරම්භ කිරීම – 2025
ප්‍රජා සත්කාර වැඩසටහන

ප්‍රජා සත්කාර වැඩසටහන

Read More
වෑකඩ බැන්ඩිය පංසල අසළින් යන ඇළ සහ ගිම්පත ඇළ පිරිසිදු කිරීම.

අයවැය ලේඛනය සකස්කිරීම.

මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම (2025.08.09 දක්වා යෝජනා භාර ගනු ලැබේ)

©2020 පානදුර ප්‍රාදේශීය සභාව - අවසන්වරට යාවත්කාලින කලේ : සැප්. 30, 2025 @ 10:23 පෙ.ව. - නිර්මාණය ITRDA