හිරණ මහජන පුස්තකාලය 2024.10.14 දින සුභ මොහොතින් ජනතා අයිතියට පත් කරන ලදී

පානදුර ප්‍රාදේශීය සභාවේ අරමුදලින් රු.ලක්ෂ 70 කට ආසන්න මුදලක් වැය කර දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස නවීකරණය කරන ලද හිරණ මහජන පුස්තකාලය 2024.10.14 දින සුභ මොහොතින් ජනතා අයිතියට පත් කරන ලදී. මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් දිනේෂ් ධර්මපාල මහතා, පානදුර ප්‍රාදේශීය සභාවේ ලේකම් නුවන් සංජය ප්‍රනාන්දු මහතා ඇතුලු නිලධාරීන්, පුස්තකාල පාඨක සමාජයේ සාමාජිකයින් ඇතුළු ප්‍රදේශවාසී ජනතාවද සහභාගී විය